කතෝලික මිෂනාරී අධ්‍යාපන ක්‍රමයට එරෙහි බෞද්ධ පාඨශාලා ආරම්භ කිරීමේ ව්‍යාපාරයේ ආරම්භක පාසලක් ලෙස ගිර් / හොරොම්බාව මහා විද්‍යාලය නම් කළ හැකිය . මෙම ව්‍යාපාරයේ මූලිකත්වය දැරූ සර් හෙන්රි ඕල්කට්තුමාගේ පූර්ණ සහයෝගයෙන් කටුපොත කිරිමැටියාව යන ගම්වල ආරම්භ කළ මිෂනාරී පාසල්වලට අභියෝගයක් ලෙසට ගිරි / හොරොම්බාව පාසල ආරම්භ කෙරිණි . ඒ සමඟම මේ ප්‍රදේශයේ බෞද්ධ මිශ්‍ර පාඨශාලා 31 ක් ආරම්භ කළ බවද සඳහන් වේ . මේ අනුව වර්ෂ 1906 දී පමණ හොරොම්බාව බෞද්ධ මිශ්‍ර පාඨශාලාව නමින් වර්තමාන ගිරි / හොරොම්බාව මහා විද්‍යාලය ආරම්භ විය .
හොරොම්බාව ප්‍රදේශයේ මෙම පාසල ආරම්භ කිරීම පිළිබඳ විවිධ ජනප්‍රවාද පවතියි . හොරොම්බාව ප්‍රදේශයෙන් නක්කාවත්ත පාසලට ගිය සිසුනට විඳීමට සිදු වූ විවිධ තාඩන පීඩන වලට පිළියමක් ලෙසට එච් . සීමා වෙද මහතා ප්‍රමුඛ ප්‍රදේශවාසීන්ගේ බලවත් ඉල්ලීම මත මෙම පාසල මෙම භූමියෙහි ආරම්භවීයයි යන ප්‍රවෘත්තිය මේ අතරින් වඩාත් වැදගත් වෙයි . එසේම එච් . සීමා වෙද මහතා විසින් මුල් භුමිය පරිත්‍යාග කරන ලද බවට සාධක හමුවේ .
1906 වසරේදී මෙම පාසල ආරම්භ වුවද පාසල සම්බන්ධ ලිඛිත සාධක හමුවනුයේ 1922 වර්ෂයේදීය . එනම් එවක විදුහල්පතිව සිටි ඩබ් : පී . අබේරත්න මහතාගේ ලොග් සටහන් පිටපතකට අනුවය . පාසල් පරීක්ෂකවරුන්ගේ වාර්තා අනුව මුල් පාසල් ගොඩනැගිල්ල කටුමැටි ගැසූ පොල් අතු සෙවිලි කළ එකක් විය . ගුරු භවතුන් දෙදෙනෙකුගෙන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහ දෙනෙකුගෙන් යුක්ත විය .
කෙසේ වෙතත් අවිධිමත් වුවද මුඛ පරම්පරාගත තොරතුරු මත සහ ලේඛනගත තොරතුරු මත වර්ෂ 1922 සිට 1931 දක්වා විදුහල්පතිවරුන් හත් දෙනෙක් මෙම පාසලෙහි සේවය කොට ඇත . එතැන් සිට විදුහල්පතිවරුන් 18 දෙනෙක් මෙම පාසලෙහි සේවය කොට ඇත .
පොල් අතු සෙවිලි කළ පාසල් ගොඩනැගිල්ල අමතරව පසු කාලීනව අඩි 50x20 ගොඩනැගිල්ලක් ඉදි වුවද පාසලෙහි ස්ථිර ගොඩනැගිලි පද්ධතියක් ඉදිකිර්මට ආරම්භ වූයේ 1962 වසරේ ආධාර ලබන පාසල් රජයට පවරා ගැනීමෙන් පසුවය . ඒ අනුව මෙම පාසලද රජයේ පාසලක් බවට පත් විය . වර්ෂ 1970 දී පාරෙන් දකුණු පස බිම් කොටසද රජයට පවරා ගැනීමෙන් පසුව ස්ථිර ගොඩනැගිලි පද්ධතියක් ඉදිවූයේ අයි . අමරසේන විදුහල්පතිගේ සමයේය . වර්ෂ 1978 දී සහ 1987 යන වර්ෂවල තව තවත් ගොඩනැගිලි ඉදිවී ඇත . තවද වර්ෂ 1975 දී අයි රූපතුංග විදුහල්පතිතුමාගේ කාලයේදී එනම් 1976. 07. 12 දින හොරොම්බාව බෞද්ධ පාඨශාලාව හොරොම්බාව මහා විද්‍යාලයක් බවට පත්වීමද සිදු විය .
වර්ෂ 1906 දී සිසුන් දහ දෙනෙකුගෙන් පාසල ආරම්භ වුවද 1925 වර්ෂය වන විට සිසුන් 134 දක්වා වර්ධනය වූ අතර 1995 වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 1237 ක් දක්වා වර්ධනය වී ඇත . එතැන් සිට මේ දක්වා ශිෂ්‍ය සංඛ්‍යාවල තරමක අඩු වැඩි වීමක් දැකගත හැකිය .
|
ආරම්භ කළ වර්ෂය |
1906 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
10 |
|
පාසලේ ආදි කතෘගේ නම |
සීමා වෙද මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
හොරොම්බාව බෞද්ධ මිශ්‍ර පාඨශාලාව |
|
පාසල රජයට පවරාගත් දිනය |
1962 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
හොරොම්බාව |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
|
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
|
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
|






